ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් චීනයේ ආයෝජන පුළුල් කිරීමේ සූදානමක්

චීනයේ ආයෝජනය කළහොත් අනාගතය ජය ගත හැකි බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

2024 චීන සංවර්ධන සංසදය අතරතුර, Apple, HSBC, සහ Mercedes-Benz ඇතුළු අන්තර්ජාතික සමාගම් 100 ට ආසන්න සංඛ්‍යාවක ප්‍රධානීන් ‍බෙයිජිං අගනුවරට රැස්ව චීනයේ ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, ජාත්‍යන්තර සංවිධාන රැසක ප්‍රධානීන් සහ ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයේ නියෝජිතයන් කෙරෙහි චීනයේ ආර්ථික සංවර්ධන අපේක්ෂා පිළිබඳව පවතින ඉහළ පිළිගැනීම මෙම සංසදය අතරතුර මැනැවින් පිළිබිඹු වූ බවයි. චීන මාදිලියේ නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින චීනය දෙස්-විදෙස් ආයෝජකයන්ට අසීමිත වෙළඳපොළ අවස්ථා සහ අතිශය පුළුල් සංවර්ධන අපේක්ෂා රැගෙන එනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *