ලොව කාන්තා අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා චීන ජනපති ආර්යාවගේ දායකත්වයට ඉහළ පැසසුම්

ලොව කාන්තා අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා චීන ජනපති ආර්යාවගේ දායකත්වයට ඉහළ පැසසුම්

චීන ජනපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එක්සත් ජාතීන්ගේ UNESCO සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය  සමග පැරීසියේ පිහිටි එම සංවිධාන මූලස්ථානය නැරඹීමට එක්වෙයි. පෙං ලියුවාන් මහත්මිය එම චාරිකාවේ නිරත වූයේ UNESCO සංවිධානයේ ගැහැණු දරුවන් සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ විශේෂ දූතයෙකු වශයෙනි.

චීන ජනපති ආර්යාව, අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ එක්ව “චීනය හා UNESCO සංවිධානයේ දශකයක සහයෝගිතා ජයග්‍රහණ ප්‍රදර්ශනය” නැරඹුවාය.

ලොව සමස්ත ගැහැණු දරුවන්ගේ හා කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් වන ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය UNESCO සංවිධානය සමඟ ඒකාබද්ධ ප්‍රයත්න දැරීමට සූදානමින් සිටින බව පෙං ලියුවාන් මහත්මිය පැවසුවාය. ඉන් වැඩි පිරිසක් අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට සම අයිතිය හිමි කර ගැනීමට සහාය දෙමින් සුන්දර අනාගතයක් නිර්මාණය කරනු ඇති බවට ඇය විශ්වාසය පළ කළාය. 

UNESCO සංවිධානයේ ගැහැණු දරුවන් සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ විශේෂ දූත මෙහෙවරේ නිරත වෙමින් පෙං ලියුවාන් මහත්මිය ලබා දුන් ඉහළ දායකත්වය Audrey Azoulay මහත්මියගේ පැසසුමට ලක්විය. චීනය සමඟ අදහස් හුවමාරු හා සහයෝගීතා තහවුරු කරමින් සමස්ත ලෝකයේ ගැහැණු දරුවන් හා කාන්තා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංවර්ධනයක් සාක්ෂාත් කිරීම UNESCO සංවිධානයේ අපේක්ෂාව බව ද ඇය සඳහන් කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *