රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (24) කසාන් හිදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා හමු විය. නායක දෙපළ මැද පෙරදිග තත්ත්වය සහ අනෙකුත් ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
පවතින ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් කිරීම රුසියාවේ දැඩි අපේක්ෂාව වන බව රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. අවශ්‍යතා ඇති සියල්ලන්ට මානුෂීය ආධාර සපයන ලෙසත් සංයමයෙන් ක්‍රියා කරන ලෙසත් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ පමණක් මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය ඇති කළ හැකි බව ද ඔහු පැවසීය.
පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණ හැකි ඉක්මනින් නතර කිරීමටත්, සමස්ත ගාසා තීරයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පොළඹවා ගැනීමටත්, ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමටත් ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බව අබ්බාස් මහතා පැවසීය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පලස්තීනුවන් තම මව්බිමෙන් පලවා හැරීමට උත්සාහ කරන නමුත් පලස්තීනුවන් කිසි විටෙකත් ගාසා තීරය හැර නොයන බව අබ්බාස් මහතා අවධාරණය කළේය. ගාසා තීරය පලස්තීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ද ඔහු පැවසීය.