රුසියාවට අත තිබ්බොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා -පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් පුටින් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වන අතර, ඉදිරි වසර 6කට නැවත ජනාධිපති ධුරයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය අමෙරිකාවේ න්‍යෂ්ටික තාක්ෂණයට වඩා උසස් මට්ටමක පවතින බව සඳහන් කර ඇති පුටින් රුසියාවේ ස්වාධීනත්වය සම්බන්ධ අර්බුදයකදී න්‍යෂ්ටික අවි ඇතුළු ඕනෑම ආයුධයක් භාවිත කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *