රටවල් 12ක පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙටි කාලීන සංචරක වීසා නිදහස් පහසුකම ලබන වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට චීනය තීරණය කරයි

රටවල් 12ක පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙටි කාලීන සංචරක වීසා නිදහස් පහසුකම  ලබන වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට චීනය තීරණය කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin jian මහතා පවසයි. චීන හා විදේශ රටවල පුරවැසියන් අතර හුවමාරු ප්‍රවර්ධනය අරමුණයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, මලයාසියාව, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම හා ලක්සම්බර්ග් යන රටවල් වෙනුවෙන් එම නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කෙරේ. චීන ජනාධිපතිවරයා සිය ප්‍රංශ නිල සංචාරය අතරතුර මෙම නිදහස් වීසා පහසුකම් දීර්ඝ කිරීම ප්‍රකාශයට පත් ක‍ළේය.ඒ පිළිබඳ මාධ්‍යවේදියෙකු කළ විමසුමකට අනුව (7) පැවැති මධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ අදාළ රටවල සාමාන්‍ය ගමන් බලපත්‍ර දරන්නන්ට  ව්‍යාපාර, සංචාරක, ඥාතීන් හා මිතුරන් හමුවීම සහ අන්තර් සංක්‍රමණ වෙනුවෙන් දින 15ක කාලයක් සඳහා  නිදහස් වීසා පහසුකම හිමිවන බවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *