චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග මගින්, දුම්රිය 110,000 කට වඩා ධාවනය කර ඇති බවත්, භාණ්ඩ ප්‍රවාහන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 450 කට වඩා වැඩි බවත් නවතම සංඛ්‍යාලේඛනවල දැක්වේ. චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග ක්‍රියාත්මක රටවල් අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ “ප්‍රවේගයක්” බවට පත්ව ඇති බව ඇතැම් විචාරකයෝ විශ්වාසය පළ කරති.
මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශක ලින් ජියෑන් මහතා අදහස් දැක්වීය.
සන්නිවේදනය හා සම්බන්ධතාවය පුළුල් කිරීම “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලෙන් මුලපිරෙන ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්රය බවත් චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග එම වැඩපිළිවෙලේ සංකේතාත්මක ජයග්‍රහණයක් බවත් ඔහු කීය. වර්තමානයේ, චීනයේ නගර 128 ක් එම මාර්ගවලට සම්බන්ධ කර ඇති අතර, යුරෝපා රටවල් 26 ක නගර 229 ක් සහ ආසියානු රටවල් 11 ක නගර 100 කට වැඩි සංඛ්‍යාවක් ඒ හරහා යාකර ඇත. චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග කාර්යක්ෂමව, ස්ථාවරව සහ සුමටව ක්‍රියාත්මක වන අතර, ආසියාව සහ යුරෝපය අතර ආර්ථික හා වෙළඳ හුවමාරු සඳහා පාලමක් ගොඩනඟනවා පමණක් නොව, අදාල දුම්රිය මාර්ග දිගේ පවතින රටවල සංවර්ධනයන්ටත් ගම්‍යතාව එකතු කරන බව ලින් ජියෑන් මහතා ප්‍රකාශ කර ඇත.