යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත සම්මත කරයි

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත සම්මත කරයි

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත ඊයේ(13) නිල වශයෙන් සම්මත කළේය.

යුරෝපා සංගමය කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවසාන බාධකය ඉවත් කිරීම, එම පනත සම්මත කිරීමෙන් සනිටුහන් කෙරේ.

විශ්වසනීය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ලොව ප්‍රථම විස්තීරණ හා ස්ථිර රෙගුලාසියක් යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීම,  පිළිගන්නා බව යුරෝපා සංගමයේ අභ්‍යන්තර වෙළඳපොල කොමසාරිස් තියරි බ්‍රෙටන් මහතා පැවසීය.

අනුමත සියලුම ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු එම පනත් කෙටුම්පත යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කෙරෙන අතර දින 20කින් පසුව බලාත්මක වනු ඇත. එම පනත් කෙටුම්පතේ අදාළ රෙගුලාසි අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *