රටවල් කිහිපයක යටත් විජිත මානසිකත්වය මත පදනම් වූ බල දේශපාලනයට විරුද්ධ වන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
ඔහු මේ බව පැවසුවේ යටත් විජිත පාලනය අවසන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ කමිටුවේදී ඊයේ(18) පැවති Malvinas දූපත් පිළිබඳ ගැටලුව සමාලෝචනය කිරීමේ අවස්ථාවේදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ සිට යටත් විජිත පාලනය අවසන් කිරීමේ ක්‍රියාවලිය සක්‍රියව ප්‍රවර්ධනය කරමින් සිටින බව Geng Shuang මහතා එහිදී පැවසීය. කෙසේ වෙතත්, මේ වනවිට වසර 80ක් ගතවී තිබුණ ද, යටත් විජිත මානසිකත්වය සහ චින්තනය තවමත් පවතී. රටවල් කිහිපයක් ඉතිහාසයේ සිය වැරදිසහගත ක්‍රියා මනාව අවබෝධ නොකොට, බල දේශපාලන මාවතක් අනුගමනය කරමින් ප්‍රචණ්ඩත්වයට අබ්බැහි වෙමින් සිය ජාතික ප්‍රමුඛතාවය වෙනුවෙන් ක්‍රියා කර ඇත. මෙම ක්‍රියාමාර්ග අනෙකුත් රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ද බරපතල ලෙස බිඳ දමා තිබේ. එමෙන්ම ගෝලීය දේශපාලන හා ආර්ථික පාලන පිළිවෙලට බරපතල හානි සිදු කර ඇත. චීනය මෙයට දැඩි ව විරුද්ධත්වය පළ කරයි.
වත්මන් ලෝකයේ පවතින විවිධ යටත් විජිතවාදී ප්රවේශයන් මුලිනුපුටා දැමීමට සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට එක්ව කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් ගෝලීය දකුණේ රටවලින් ඉල්ලා සිටින බව ද Geng Shuang මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.