වසරේ මුල් කාර්තුවේදී ආනයන හා අපනයන තත්ත්වය පිළිබඳ තොරතුරු චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය කාර්යාලය(14) නිවේදනය කළේ ය. රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ භාණ්ඩ වෙළඳාම් ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට 1.3% වැඩි වී ඇත. ඒ අතරින් අපනයනය යුවාන් ට්‍රිලියන 6.13ක් වූ අතර, එය 6.9% වර්ධනයකි. ආනයනය යුවාන් ට්‍රිලියන 4.17ක් වූ අතර, එය 6%කින් පහළ ගොස් ඇත. ආනයන හා අපනයන වර්ධන වේගය මාසයෙන් මාසයට ඉහළ ගොස් ඇත.
පළමු කාර්තුවේදී, රටවල් සහ කලාප 170 කට අධික සංඛ්‍යාවකට සිදුකළ චීනයේ අපනයන ඉහළ ගොස් තිබේ. නාවික හා අක්වෙරළ ඉංජිනේරු උපකරණ, විශේෂ උපකරණ අපනයනය පිළිවෙලින් 10.8% සහ 16.2% කින් ඉහළ ගොස් තිබේ. නව බලශක්ති නිෂ්පාදන ගෝලීය හරිත පරිවර්තනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. සුළං ටර්බයින සමූහ, ලිතියම් බැටරි සහ විදුලි වාහන යන නිෂ්පාදන අපනයනය පිළිවෙලින් 43.2%, 18.8% සහ 8.2% කින් ඉහළ ගොස් තිබේ.
පළමු කාර්තුවේදී චීනය යුරෝපා සංගමයට යුවාන් ට්‍රිලියන 1.3 ක් ආනයන හා අපනයන සිදු කර ඇති අතර, එය 1.4% වැඩි වීමකි. ආසියාන් සංවිධානය තවමත් චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ය. ආසියාන් වෙත සිදු කර ඇති චීනයේ ආනයන හා අපනයන යුවාන් ට්‍රිලියන 1.71ක් වූ අතර, එය 7.1% වැඩි වීමකි. මෙය චීනයේ සමස්ත විදේශ වෙළඳාමෙන් 16.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.