මෙම ජූලි මාසයේ චීනයේ නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 49.4% ක් වෙයි.
අද (31) නිකුත් කෙරුණු දත්තවලට අනුව, සාම්ප්රදායික නිෂ්පාදන සක්රීය නොවන කාලය, ප්රමාණවත් නොවන වෙළඳපල ඉල්ලුම සහ ඇතැම් ප්රදේශවල අධික උෂ්ණත්වය සහ ගංවතුර වැනි ස්වභාවික ආපදා ඇතුළු සාධකවල බලපෑම් හේතුවෙන්, ජූලි මාසයේ චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය යම් අගයකින් පහළ වැටී ඇත. මේ අතර, නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය ජුනි මසට සාපේක්ෂව 0.1% ක පමණ සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද, අදාළ මෙහෙයුම් කටයුතු මූලික වශයෙන් ස්ථාවර තත්ත්වයක පවතින බව වාර්තා වේ.
ජූලි මාසයේ චීනයේ නිෂ්පාදන දර්ශකය 50.1% ක් වන අතර, එය අඛණ්ඩව මාස පහක සිට පුළුල් පරාසයක පවතී.