මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටලුවලදී එකිනෙකාට සහාය වීමට පාකිස්ථානය සමග එක්වීමට චීනය සූදානම් – චීන අගමැති

මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටලුවලදී එකිනෙකාට සහාය වීමට පාකිස්ථානය සමග එක්වීමට චීනය සූදානම් – චීන අගමැති

පාකිස්ථානය සමග ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමට සහ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිර ලෙස සහයෝගය දැක්වීමට චීනය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය Li Qiang මහතා පැවසීය. 

පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා සමඟ එරට ජනපති මැඳුරේ ඊයේ(15) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාලන අත්දැකීම් පිළිබඳ හුවමාරු ශක්තිමත් කිරීම, සංවර්ධන උපාය මාර්ග පෙළගැස්වීම වේගවත් කිරීම, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීම, පිරිස් සහ සංස්කෘතික හුවමාරුව ගැඹුරු කිරීමට මෙන්ම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට පාකිස්ථානය සමඟ කටයුතු කිරීමට චීන පාර්ශ්වය සූදානම් බව Li Qiang මහතා පැවසීය. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව වඩා යහපත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සඳහා උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවයේ සුවිශේෂී ව්‍යාපෘතියක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය ද හෙතෙම අවධාරණය කළේය. 

පාකිස්ථාන පාර්ශ්වය එකම චීනය මූලධර්මය තදින්ම පිළිපදින බව සඳහන් කළ සර්දාරි මහතා, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි බවත්, මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිර ලෙස සහයෝගය දැක්වීම සඳහා පාකිස්ථානය සෑම විටම චීනය සමඟ එක්වන බවත් පැවසීය.

ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමට මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට පාකිස්ථානය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *