මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුවද ලෝකයට යහපතක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය පවසයි

මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුවද, චීන-ඇමරිකා දෙපාර්ශ්වයට සහ ලෝකයට වඩා යහපතක් ඉටු වනු ඇතැයි චීනය බලාපොරොත්තු වෙයි.

ඇමරිකානු ජනාධිපති Joe Biden සහ හිටපු ජනාධිපති Donald Trump මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බවට වාර්තා වෙයි. චීන විදේශ අමාත්‍යංශයේ ඊයේ (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව චීනයේ අදහස කුමක් දැයි වාර්තාකරුවෙක් විමසුවේය.

ඇමරිකාවේ ජනාධිපතිවරණය එරට අභ්‍යන්තර කටයුත්තක් වන අතර, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට චීනය මුල සිට ම මැදිහත් නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා එහිදී පැවසීය. ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුවද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්මවලට අනුකූලව ඇමරිකාව දෙරටේ සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *