මියන්මාරයට හැකි උපරිම මානුෂවාදී සහාය ලබා දෙන බව චීනය කියයි

මියන්මාරයට හැකි උපරිම මානුෂවාදී සහාය ලබා දෙන බව චීනය කියයි

මියන්මාරයේ සිදුවූ භූමිකම්පාව සම්බන්ධයෙන් චීනය හැකි උපරිමයෙන් හදිසි මානුෂවාදී සහාය ලබාදීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසයි.

මියන්මාරය චීනයේ අසල්වැසි මිතුරෙකි. චීනය මියන්මාරයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එරටට හෘදයාංගම කණගාටුව පළ කරන බවත් හෙතෙම සඳහන් කළේ ( 28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය.

ඉතා නුදුරේදීම මියන්මාර රජය හා ජනතාව මෙම දුෂ්කාරතාවන් ජය ගෙන සිය ජීවිත යළි ගොඩනගනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.

භූමිකම්පාව සිදුවූ වහාම මියන්මාරයේ චීන තානාපති කාර්යාලය හා කොන්සල් ‍ජනරාල් කාර්යාලය හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය සක්‍රීය කරමින් අදාළ කොන්සියුලර් නිවේදනය නිකුත් කළේය. මෙම භූමිකම්පාවෙන් චීන ආයතන, සමාගම් හෝ චීන වැසියන්ට යම් බලපෑමක් සිදුව තිබේද යන්න ඔවුන් පූර්ණ හා තහවුරු කළ තොරතුරු රැස්කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවැසීය. ඒ අනුව මේ දක්වා මෙම විපතින් කිසිදු චීන ජාතිකයෙකුට ජීවිත හානි සිදුවීමක් පිළිබඳ වාර්තා වී නොමැති බව ද හෙතෙම කීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *