මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්

මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්

භූමිකාම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දෙයි. ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුව ය. ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා (29) මේ බව පැවසීය.

(28) පස්වරුවේ මියන්මාරයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය. එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය(29) සවස අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව 1,007 කි. තුවාල ලැබූ සංඛ්‍යාව 2,389 ක් වන අතර 30 දෙනෙක් අතුරුදහන්ව සිටිති.

මේ අතර චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපත් ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයුමක් සිදු කර ඇත. කූඩාරම්, ඇතිරිලි, හකුලන ඇඳන් ඊට ඇතුළත් ය. එසේ ම, චීන රතු කුරුස සංගමයේ ගලවා ගැනීමේ කණ්ඩායම අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා දැනටමත් මියන්මාරය බලා ‍ගොස් ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *