මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට Lancang-Mekong සහයෝගිතාව ආදර්ශයක් – චීන විදේශ අමාත්‍යවරයා

මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට Lancang-Mekong සහයෝගිතාව ආදර්ශයක් – චීන විදේශ අමාත්‍යවරයා

Lancang-Mekong සහයෝගිතාව බීජයක සිට උස ගසක් දක්වා වර්ධනය වී ඇති අතර එය මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ආදර්ශයක් සපයමින් ඇති බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

පළමු Lancang-Mekong සහයෝගිතා නායකයින්ගේ 10වන සංවත්සරයට එක්වෙමින් ඔහු ඊයේ(23) මේ බව පැවසීය.

පසුගිය දශකය තුළ Lancang-Mekong සහයෝගිතාවයේ රටවල් ඔවුන්ගේ අනාගත සංවර්ධනය සඳහා බලවත් ගම්‍යතාවයක් ලබා දෙමින් වඩාත් සමීපව සම්බන්ධ විය. එමගින් ආරක්ෂාව සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇති බවත් සිය ජනතාව අතර හුවමාරු පුළුල් කර ඇති බවත් වං යී මහතා පැවසීය.

යහපත් අසල්වැසිභාවය, මිත්‍රත්වය සහ හවුල් අනාගතය ආරක්ෂා කරමින් ජනතාවට සේවය කිරීම සඳහා සංවර්ධනය, නවෝත්පාදනය මෙන්ම නව පදනමක් සොයා ගැනීම Lancang-Mekong සහයෝගිතාවයේ ශක්තිමත් සංවර්ධනයට අවශ්‍ය මූලධර්ම ත්‍රිත්වයයි. එම රටවල් අතර සංවර්ධන උපායමාර්ග වඩා හොඳින් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කළ හෙතෙම රටවල් හය එක්ව Lancang-Mekong සහයෝගිතාවයේ 2.0 ගොඩනගා ගෝලීය පාලනය සඳහා ආදර්ශයක් සපයන ලෙස ඉල්ලා සිටියේය. රටවල් හය විවෘතභාවය සහ ජයග්‍රාහී ප්‍රතිඵල අනුගමනය කරමින් යටිතල පහසුකම් සම්බන්ධතාවය සමග ඉදිරියට යා යුතු අතර හරිත හා නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධනය සඳහා ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය, විද්‍යා තාක්‍ෂණික නවෝත්පාදනය මෙන්ම පාරිසරික පාලනය යන අංශවල සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් නව බලශක්තිය සඳහා ආයෝජනය ප්‍රවර්ධනය කළ යුතු බවත් වං යී මහතා පැවසීය.

ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම අනුගමනය කළ යුතු අතර, මාධ්‍ය ආයතන සහ බුද්ධි සංසදයන්හි සහයෝගීතාව ගැඹුරු කරමින් පිරිස් සහ තරුණ හුවමාරු වේගවත් කළ යුතුය. මාර්ගගත සූදුව සහ විදුලි සංදේශ වංචා වැනි දේශසීමා අපරාධවලට එරෙහිව සටන් කිරීමට සහ Mekong ගඟේ ඒකාබද්ධ මුර සංචාර මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කිරීමටද ඔවුන් උත්සාහයන් වේගවත් කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

Lancang-Mekong හි නව ස්වර්ණමය දශකයක් ආරම්භ කිරීම සඳහා චීනය Mekong රටවල් පහ සමග කටයුතු කරන අතර සාමකාමී, ආරක්ෂිත සහ සුරක්ෂිත, සමෘද්ධිමත්, සුන්දර මෙන්ම මිත්‍රශීලී නිවහනක් ගොඩනැගීමට එක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

Mekong රටවල් පහෙන් චීනයට පැමිණි තානාපතිවරු, ආසියාන් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ චීනයේ අදාළ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම චීන අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ බුද්ධි සංසදයන්හි නිලධාරීහු මෙම උත්සවයට සහභාගී වූහ.

“Lancang-Mekong රටවල් අතර හුවල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම: පොදු දැක්මක් සහ ප්‍රායෝගික මාර්ග” සහ “ඊළඟ දශකය තුළ Lancang-Mekong කලාපයේ සම්බන්ධතාවය, පොදු සංවර්ධනය සහ ගැඹුරු ඒකාබද්ධතාවය සඳහා වූ ප්‍රධාන සැලැස්ම” යන වාර්තා දෙක එම උත්සවයේදී නිකුත් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *