මධ්‍යම අප්‍රිකානු රටවල ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීමට සහය වන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි

මධ්‍යම අප්‍රිකානු රටවල ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීමට සහය වන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි

මධ්‍යම අප්‍රිකානු රටවලට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තර්ජන මැඩපැවැත්වීමට සහ ඔවුන්ගේ මානුෂීය අභියෝගවලට මුහුණ දීමට සහය වන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා මේ බව පැවසුවේ ඊයේ (09) මධ්‍යම අප්‍රිකානු ගැටළු පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමකදී ය.

ඇතැම් මධ්‍යම අප්‍රිකානු රටවල් තවමත් ඉහළ හිඟයන්,ණය සහ උද්ධමනය වැනි ගැටළු වලට මුහුණ දෙන බවත්,සංවර්ධන අභියෝග තවමත් ප්‍රමුඛව පවතින බවත් Sun Lei මහතා පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව මධ්‍යම අප්‍රිකානු රටවල ආර්ථිකයන් සංවර්ධනය කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා දක්වන සහයෝගය වැඩි කළ යුතු අතර, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වැඩි සහයක් ලබා දිය යුතුය. එමෙන්ම, මධ්‍යම අප්‍රිකානු රටවලට ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාර්ග ගවේෂණය කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියක් හා ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සහාය විය යුතු බව ද ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *