චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද(29) රැස්වීමක් පැවැත්වීය. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මතවාදී හා දේශපාලනික කාර්යයන් පිළිබඳ රෙගුලාසි එහිදී සමාලෝචනය කර ඇත.
මතවාදී හා දේශපාලන කටයුතු ප්රමුඛ කොට එහි මාර්ගෝපදේශ දායකත්වය ඉහළ නංවාලිය යුතු බව එම සමුළුවේ සඳහන් වේ. ෂී ජින් පිං ගේ නව යුගයේ චීන අනන්‍යතා සහිත සමාජවාදය පිළිබඳ සංකල්පය ප්රමුඛත්වයට ගෙන ඒමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණ.
මේ අතරතුර, “චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නීති කෙටුම්පත” ද එම සමුළුවේදී සාකච්ඡාවට ලක් ව ඇත.
චීනයේ සියලු ජනවර්ගයන් සඳහා එකම ප්‍රජාවක් යන සංකල්පය ගොඩනගමින් පොදු සමගිය සහ සමෘද්ධිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද එහිදී අවධාරණය කර ඇත.
