චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය සහ ප්‍රංශ ජනපති ආර්යා Brigitte Macron මහත්මිය අද (4) පෙරවරුවේ බෙයිජිං මහජන කලා රඟහල නැරඹීමට එක් වූහ. Brigitte Macron මහත්මිය ප්‍රංශ ජනාධිපතිවරයා සමග චීනයේ නිල සංචාරයකට එක්ව සිටී.
චීනයේ ප්‍රසිද්ධ “ තේ අවන්හල” නමැති නාට්‍යයේ වේදිකා සැකැස්ම නැරඹූ ජනපති ආර්යාවෝ එහිදී නළු නිළියන් සමඟ ද සුහද පිළිසඳරක නිරත වූහ.
Peng Liyuan මහත්මිය එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ චීනය සහ ප්‍රංශය යන දෙරටටම අනන්‍ය ගැඹුරු සංස්කෘතියක් සතු බවයි. දෙරට කලාකරුවන් හුවමාරුව පුළුල් කරමින් වඩාත් සුන්දර නිර්මාණ බිහි කිරීමට හැකි වනු ඇතැයි ඇය අපේක්ෂා පළ කර ඇත.
චීන නාට්‍ය කලාව පිළිබඳව Brigitte Macron මහත්මිය එහිදී බෙහෙවින් අගය කළාය. ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා දෙරට අතර සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ඇය සඳහන් කර ඇත.
