බුද්ධිමය දේපළ උසස් තත්ත්වයෙන් ප්‍රවර්ධනයට සහාය වන ලෙස චීනයෙන් ඉල්ලීමක්

බුද්ධිමය දේපළ උසස් තත්ත්වයෙන් ප්‍රවර්ධනයට සහාය වන ලෙස චීනයෙන් ඉල්ලීමක්

බුද්ධිමය දේපළ සංවර්ධනයට සහ උසස් තත්ත්වයේ ‘එක් තීරයක් එක් මාවතක්’  සහයෝගතාවයට වැඩි ශක්තියක් ලබාදීම සඳහා සියලු පාර්ශ්ව සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන උපඅගමැති Ding Xuexiang මහතා පවසයි.

බෙයිජිං හි ඊයේ(11 )පැවති බුද්ධිමය දේපල පිළිබඳ තුන්වන එක් තීරයක් එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ උසස් තත්ත්වයේ බුද්ධිමය දේපළ නිර්මාණයට සහාය වීමට, ජාත්‍යන්තර විද්‍යා-තාක්ෂණ සහයෝගතා මුලපිරුම් මනා ලෙස ක්‍රියාත්මක කිරීමට, දත්ත සහ තොරතුරු සම්පත් හුවමාරු කර ගැනීම සහ බුද්ධිමය දේපළ පිළිබඳ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට උත්සාහ කළ යුතු බවයි.

ගෝලීය බුද්ධිමය දේපළ කාර්යක්ෂම පාලනයට, සැබෑ බහුපාර්ශ්විකවාදයට අනුගත වීමට මෙන්ම ගෝලීය බුද්ධිමය පාලන පද්ධතියේ ප්‍රගතිය වඩාත් සාධාරණ ලෙස දිරිමත් කිරීමට චීනය කැප වී සිටින බව ද ඔහු පැවසීය.

සමාරම්භක උත්සවයට පෙර චීන උප අගමැතිවරයා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ Daren Tang මහතා සහ සෙසු විදෙස් ආරාධිතයින් හමු විය.

“විවෘතභාවය, සහයෝගීතාවය, සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ” යන තේමාවෙන් යුත් මෙම සමුළුවට නියෝජිතයින් 450 ක පමණ පිරිසක් එක් වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *