බ්‍රිතාන්‍යය තම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය අවධාරණය කරයි

බ්‍රිතාන්‍යය තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය අවධාරණය කරයි. පසුගිය දා බ්‍රිතාන්‍ය රජය වාර්තාවක් නිකුත් කරමින් හොංකොං කටයුතු පිළිබඳ වගකීම් රහිත ප්‍රකාශ සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය රජය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන්  දැඩි විරෝධය පළ කරන බවයි.

හොංකොං, ආපසු මව්රටට එක්වීමෙන් පසු චීන මධ්‍යම රජයේ පූර්ණ සහාය ඇතිව පෙර නොවූ විරූ සංවර්ධන අදියරකට පිවිස තිබේ. ජාත්‍යන්තර මූල්‍ය, නැව් ප්‍රවාහන හා වෙළඳ මධ්‍යස්ථාන වශයෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයට හිමි ප්‍රමුඛස්ථානය වඩාත් තහවුරු වී ඇත. හොංකොං බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී ආපසු චීනයට එක්ව ගෙවී ගිය වසර 27ක පසුබිම සලකා බලා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ලින් චියෙන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *