බ්‍රිතාන්‍යයේ වෙසෙන චීන පුරවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳව චීනයේ දැඩි අප්‍රසාදය

බ්‍රිතාන්‍යයේ චීන පුරවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම සහ චෝදනා කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෑත කාලය තුළ, බ්‍රිතාන්‍යය ඊනියා ජාතික ආරක්ෂාව මත අඛණ්ඩව ව්‍යාජ නඩු ගොඩනගමින්, අත්තනෝමතික ලෙස චීනය අපකීර්තියට පත් කරන අතර එරටේ චීන පුරවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගෙන චෝදනා කර තිබේ. චීනය ඒ සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය හා දැඩි විරෝධය පළ කරන බව Wang Wenbin මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ සිටින චීන පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ප්‍රායෝගික ලෙස ආරක්ෂා කරන ලෙස චීනය බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් තරයේ ඉල්ලා සිටී. එතෙර සිටින චීන පුරවැසියන්ගේ හා ආයතනවල නීත්‍යානුකූල අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය දැඩි පියවර ගනු ඇති බව ද Wang Wenbin මහතා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *