බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටින පලස්තීනුවන් බරපතල ලිංගික හිංසාවන්ට ලක්වන බවට අනාවරණයක්

බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටින පලස්තීනුවන් බරපතල ලිංගික හිංසාවන්ට ලක්වන බවට අනාවරණයක්

ඊශ්‍රායල හමුදා භටයන් විසින් රඳවාගනු ලැබ සිටින පලස්තීන ජාතිකයෙකුට ලිංගික වදහිංසා පැමිණවීමේ සිදුවීමක් අනාවරණය කෙරෙන වීඩියෝ පටයක් නිකුත් කෙරේ. එම සිද්ධිය ඊශ්‍රායලයේ Keshet 12 රූපවාහිනී සේවය හෙළිදරව් කර ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් යළි හටගත් දා සිට ඊශ්‍රායල හමුදාව පලස්තීන ජාතිකයන් දසදහසක පමණ පිරිසක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව මානව හිමිකම් සංවිධානයක වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. දරුවෝ සහ  කාන්තාවෝ සිය ගණනක් ඒ අතර වෙති. ශරීරය දැඩි වේදනාවන්ට පත්කරන උපකරණ යොදා ගනිමින් මේ පුද්ගලයන් අතිශය කෲර වදහිංසාවන්ට ලක්කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කරමින් සිටින බව ද එහි සඳහන් වේ.

එහෙත්, මෙම චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *