පොදු අවශ්‍යතා හඳුනාගනිමින් චීනය සමග එක්ව ක්‍රියා කිරීමට සූදානම් – ඕස්ට්‍රේලියානු අගමැති

වෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට පොදු අවශ්‍යතා ගවේෂණය කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා කියාසිටී.

කැන්බරා නුවර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වං යී මහතා සමග ඊයේ (20) පැවති හමුවේ දී ඔහු මේ බව කියාසිටියේය.  පසුගිය දෙවසර තුළ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිවැරදි දිශානතියකට යොමු ව තිබීම සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු පාර්ශ්වය සතුටු වන අතර, චීනය සමග උසස් මට්ටමේ සමීප හුවමාරු පැවැත්වීමට සූදානම් බව ද අගමැතිවරයා පැවසීය.  විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කිරීමට ද ඔහුගේ එකඟතාව පළ විය. ඕස්ට්‍රේලියාව එකම චීනය මූලධර්මය ගරු කරමින් ඊට අනුගත ව ක්‍රියා කරන බව ද Anthony Albanese මහතා අවධාරණය කළේය.

වං යී මහතා මෙහිදී කියාසිටියේ චීන-ඕස්ට්‍රේලියානු සබඳතාවන්ට එල්ල වූ බාධක එකින් එක ජයගෙන ඇති අතර, පවතින අනවබෝධයන් නිසි ලෙස නිරාකරණය වෙමින් පවතින බවයි. 

ඉහළ මට්ටමේ හුවමාරු ප්‍රවර්ධනය කරමින්, දෙරට අතර සංවාද යාන්ත්‍රණය නැවත ආරම්භ කිරීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා ගැඹුරු කිරීමටත් චීනය සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *