“පුළුල් බ්‍රික්ස් සහයෝගිතාව” ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. ඒ අද(08) පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ මාර්ගගත සමුළුව අමතමිනි.
වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සහ පොදු අවධානයට ලක්වූ කරුණු පිළිබඳව පුළුල් අදහස් හුවමාරු කර ගැනීම සඳහා බ්‍රික්ස් රටවල නායකයින්ගේ මෙවර මාර්ගගත සමුළුව ඉතා වැදගත් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
ගෝලීය දකුණේ ප්‍රමුඛතම කණ්ඩායම වන බ්‍රික්ස් රටවල් විවෘතභාවය, සහභාගීත්වය, සහයෝගීතාවය හා පොදු ජයග්‍රහණ සහිත බ්‍රික්ස් ජීවගුණය ඔප් නංවමින් බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව හෙතෙම කියා සිටියේය. “පුළුල් බ්‍රික්ස් සහයෝගිතාව” ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාවක් ගොඩනැගීමට බ්‍රික්ස් රටවල් ඒකාබද්ධව ක්‍රියා කළ යුතුය. ඒ වෙනුවෙන් ෂී ජින්පිං මහතා එහිදී යෝජනා තුනක් ඉදිරිපත් කළේය.
පළමුවැන්න, බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බව ඔහු කීය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වන ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කර බහුපාර්ශ්විකත්වයේ පදනම තහවුරු කළ යුතු ය.
දෙවනුව, විවෘතභාවය සහ පොදු ජයග්‍රහණය තහවුරු කර ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම දැඩිව ප්‍රවර්ධනය කරමින් විවෘතභාවය තුළින් අවස්ථා බෙදා ගැනීම සහ පොදු ජයග්‍රහණය සාක්ෂාත් කළ යුතු ය.
තෙවනුව, එකමුතුවෙන් සහයෝගිතා පවත්වමින් සංවර්ධනය සඳහා පොදු බලයක් එක්රැස් කර ගත යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය. බ්‍රික්ස් රටවල් සමඟ ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කරමින් ඉහළ ගුණාත්මක බවින් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ආර්ථික, වෙළඳ, මූල්‍ය හා තාක්ෂණික යනාදී ක්ෂේත්‍රයන් හි වඩාත් වැඩි සහයෝගී ප්‍රතිඵල නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම එහිදී අවධාරණය කළේය.
