පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා

පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා

රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය.

ඔන්ලයින් ක්‍රමයට ද රුසියානු වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් රුසියන් මැතිවරණ කොමිසම හදුන්වා දී ඇති අතර, ජනාධිපති පුටින් සිය ඡන්දය ප්‍රකාශ කළේ ඔන්ලයින් ක්‍රමයටය.

පුටින්, සිය කාර්යාලයේ සිට, ඡන්දය ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ඉදිරියේය.

රුසියාව යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගෙන සිටින අතර, එය රුසියන් බල ප්‍රදේශයක් ලෙස සැලකෙයි.

ක්‍රිමියාවේත්, යුක්රේනයේ රුසියන් පාලනයේ පවතින සෙසු පළාත්වලත් ඡන්දය පැවැත්වෙයි.

මේ අතර යුක්රේන හමුදා රුසියාවේ පළාත් කීපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.

රුසියාව චෝදනා කරන්නේ යුක්රේනය ජනාධිපතිවරණ කටයුතු අවුල් කර දැමීමේ අරමුණින් පහර නෙ බවය.

යුක්රේනයෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ජනාධිපති පුටින් ප්‍රතිඥා දී ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *