පිලිපීනය සිය වැරදි වසන් කිරීමේ උත්සාහයක

පිලිපීනය චීනයට අහේතුක ‍චෝදනා නගා ඇත්තේ තමා පොරොන්දු කඩකිරීම හා ප්‍රකෝපකාරීව හැසිරීම වසන් කිරීමට බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පෙන්වා දෙයි.

පිලිපීනය මෑතකදී දකුණු චීන මුහුදු ප්‍රශ්නයට අදාලව චීනයට නැඟූ චෝදනා සම්බන්ධයෙන් අද(1) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ඔහු මේ බව පැවසීය.

‘රෙන්අයි’ ගල්පරය ඇතුළු නන්ෂා සමූහ දූපත් චීන භූමියට අයත් වන බවත් නන්ෂා සමූහ දූපත් පිලිපීනයේ දේශසීමාවට ඇතුළත් නොවන බවත් වං වෙන්බින් මහතා කියා සිටී.

රෙන්අයි ගල්පරයේ නීති විරෝධීව රඳවා ඇති සිය යුද නෞකාව ඉවත් කර ගැනීමට පිලිපීනය ස්ථිරව පොරොන්දු දුන් නමුත් වසර 25ක් ගෙවී ගියද එය ඉවත් කරගෙන නොමැත. පෙරළා එම යුද නෞකාව වෙත ඉදිකිරීම් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පිලිපීනය යළි යළිත් උත්සාහ කර තිබේ. රෙන්අයි ගල්පරයේ ස්ථාවර ගොඩනැගිලි ඉදි කරන බව නොබෝ කළකට පෙර පිලිපීන හමුදා ප්‍රකාශකයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

පිලිපීනය එවන් ප්‍රකෝපකාරී හැසිරීම් නතර කළ යුතු බවත් චීනයට සිය භූමිය, ස්වාධීනත්වය හා සමුද්‍ර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය ස්ථිර වන බවත් වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *