පසුගිය වසර‍ට සාපේක්ෂව මේ වසරේ චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය ඉහළට

පසුගිය වසර‍ට සාපේක්ෂව මේ වසරේ චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය ඉහළට

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(12) නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මෙම වසරේ චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය ‍ටොන් මිලියන 714.9ක් පමණ වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 1.2%ක වැඩි වීමකි.

එමෙන්ම රට පුරා ධාන්‍ය වපුරන ලද භූමි ප්‍රමාණය ද මෙම වසරේ දී හෙක්ටයාර මිලියන 119.4ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 0.1%ක වර්ධනයකි. එසේම මෙම වසරේ ඒකක භූමි ප්‍රදේශයක් සඳහා ලැබෙන ධාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5987 ක් වන අතර, එය පසුගිය වසර හා සසඳන විට 1.1% ක වැඩි වීමකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *