පලස්තීන ප්‍රදේශ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම නතර කරන ලෙස චීනයේ ඉල්ලීමක්

පලස්තීන ප්‍රදේශ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම නතර කරන ලෙස චීනයේ ඉල්ලීමක්

ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අවනත වෙමින් පලස්තීන භූමි ප්‍රදේශ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී. ඊයේ(17) පැවති පලස්තීන ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව සඳහන් කළේ ය.

 අත්පත් කර ගැනීම් අවසන් කිරීම තේරීමක් නොව, ඊශ්‍රායලයේ නීතිමය වගකීමක් වන බව Fu Cong මහතා එහිදී කියා සිටියේ ය. ඊශ්‍රායලය පලස්තීන භූමි ප්‍රදේශ අඛණ්ඩව අත්පත් කර ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන බවත්, එම නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම අවසන් කිරීම ඊශ්‍රායලයේ වගකීමක් බව සඳහන් කරමින් ජාත්‍යන්තර අධිකරණය ජූලි 19 දින උපදේශන මතයක් ද නිකුත් කළේ ය. ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම පලස්තීන ජනතාවගේ අත්හළ නොහැකි ජාතික අයිතිවාසිකමක් වන බවත්, දිගුකාලීන නීති විරෝධී ආක්‍රමණ හේතුවෙන් පලස්තීනය‍ට ජාතික ස්වයං නිර්ණය සාක්ෂාත් කර ගැනීමට බාධා සිදුව ඇති බවත්, පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට තනි නිෂේධ බලයක් ලබා දීමට ඉඩ දිය නොහැකි බවත් Fu Cong මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *