පකිස්ථානයේ ‘අංක 1 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව’ අද (31) පෙරවරු 10:00ට චීනයේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරිණ. ඒ, KZ-1 A වාහක රොකට්ටුව ආධාරයෙනි.
චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර එය සම්පූර්ණ සාර්ථකත්වයක් සනිටුහන් කරයි. චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භූමි සමීක්ෂණ, ආපදා වැළැක්වීම සහ අවම කිරීම සඳහා භාවිත කෙරේ.
මෙම මෙහෙයුම KZ-1 A වාහක රොකට්ටුවේ 29 වන පියාසැරිය වේ.
