නව කාර්මිකකරණය සඳහා ලබා දෙන මූල්‍ය සහය ඉහළ දැමීමට චීනය සූදානම් වෙයි

නව කාර්මිකකරණය සඳහා ලබා දෙන මූල්‍ය සහය ඉහළ දැමීමට චීනය සූදානම් වෙයි

නව කාර්මිකකරණය සඳහා මූල්‍ය සහයෝගය ශක්තිමත් කිරීමේ අරමුණින් චීන මහ බැංකුව තවත් රජයේ ආයතන හයක් සමඟින් එක්ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි.

ඉන් අවධාරණය කර ඇත්තේ, 2027 වසර වන විට උසස්, බුද්ධිමත් සහ පරිසර හිතකාමී කාර්මික නිෂ්පාදනය සඳහා සුදුසු මූල්‍ය පද්ධතියක් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මකව තිබිය යුතු බව ය.

එහිදී, කර්මාන්ත ආයතනයන් හි ඵලදායී ණය ඉල්ලුම 2027 වන විට සම්පූර්ණයෙන් සපුරාලිය යුතු අතර, ආයතනික බැඳුම්කර නිකුත් කිරීමේ පරිමාව සහ විවිධත්වය යන දෙකෙහිම ස්ථාවර වර්ධනයක් සහ කොටස් මූල්‍ය ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු ප්‍රගතියක් ඇති වීම බලාපොරොත්තු වේ.

එමෙන්ම තාක්‍ෂණික වශයෙන් මූලික කරගත් ඉදිරි ගමන් මග සඳහා අවශ්‍ය වන මූල්‍ය මෙවලම් ප්‍රශස්ත කිරීමට නිසි පියවර ගැනීමේ අවශ්‍යතාව ද මෙම මාර්ගෝපදේශ තුළින් අවධාරණය කර ඇත.

ඒ සඳහා දිගුකාලීන අරමුදල් හඳුන්වා දීමට සහ විද්‍යා-තාක්ෂණික ජයග්‍රහණ වාණිජකරණය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමට මෙන්ම වඩාත් ආරක්ෂිත සහ ස්වයංපෝෂිත කාර්මික දාමයන් පෝෂණය කිරීමට, ප්‍රධාන ව්‍යවසායන් වෙත මූල්‍ය සේවා ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව දන්වා තිබේ.

මීට අමතරව, සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කිරීම, නැගී එන කර්මාන්ත පුළුල් කිරීම සහ අනාගත කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අවශ්‍ය වන උපායමාර්ගික සැලසුම් සඳහා සහාය වීම වෙනුවෙන් ද මූල්‍ය සේවා වඩාත් කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට උත්සාහ ගත යුතු බව මෙම මාර්ගෝපදේශ තුළින් ඉල්ලා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *