දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනයේ කැමැත්ත

දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනයේ කැමැත්ත

දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දීය පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhang Xiaogang මහතා අද(9) මෑතක පැවති රටේ හමුදා ආශ්‍රිත ගැටළු පිළිබඳ තොරතුරු පැහැදිලි කළේය.

මෙම වසර චීනය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සනිටුහන් කරයි. ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා මඟ පෙන්වමින් ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය ජනාධිපතිනිය සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ. දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවයන් අවංකව ක්‍රියාත්මක කරන අතර, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ගැඹුරු කරමින් උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට චීන හමුදාව ඉන්දීය පාර්ශ්වය සමග එක්ව උත්සාහ කිරීමට කැමැත්තෙන් සිටියි. එසේම චීන-ඉන්දීය දේශසීමා ප්‍රදේශයේ සාමය පොදුවේ පවත්වා ගනිමින් දෙරටේ හමුදා අතර සබඳතාවල විධිමත් සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, ලෝක හා කලාපීය සාමය සඳහා ධනාත්මක ශක්තිය එකතු කිරීමටත් ‍ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට චීන හමුදාව කැමැත්තෙන් සිටින බව ද Zhang Xiaogang මහතා ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *