ද්විපාර්ශ්වික සබඳතාව නව යුගයේ චීන-කෙන්යා පොදු ඉරණමක් සහිත ප්‍රජාවකට ඉහළ නංවා ගැනීමට චීන-කෙන්යා නායකයෝ එකඟ වෙති

ද්විපාර්ශ්වික සබඳතාව නව යුගයේ චීන-කෙන්යා පොදු ඉරණමක් සහිත ප්‍රජාවකට ඉහළ නංවා ගැනීමට චීන-කෙන්යා නායකයෝ එකඟ වෙති

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කෙන්යා ජනාධිපති විලියම් රුටෝ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය අද(24) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය. නිල සංචාරයක් සඳහා විලියම් රුටෝ මහතා චීනයට පැමිණ සිටී.

දෙරටේ සබඳතාව නව යුගයේ චීන-කෙන්යා පොදු ඉරණමක් සහිත ප්‍රජාවකට ඉහළ නංවා ගැනීමට දෙරටේ නායකයෝ එහිදී එකඟ වූහ. එය දෙපාර්ශ්වයේ උපායමාර්ගික තෝරා ගැනීමක් බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනයේ සුපිරි විශාල පරිමාණයේ වෙළඳපොල සෑමවිටම කෙන්යාවේ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ වෙත විවෘත කරයි. වඩා වැඩි චීන ව්‍යවසායන් කෙන්යාවේ ආයෝජන කිරීමට චීනය දිරිමත් කරන බව ද හෙතෙම පැවසීය.

කෙන්යාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ එක්ව චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුවේ දී එළඹි එකඟතාවන් සැබෑ ජයග්‍රහණ බවට පත් වී අප්‍රිකාවේ ජනතාවට වඩා වැඩි වශයෙන් වාසි ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-අප්‍රිකා රටවල් ඒකාබද්ධව ස්වෝත්සාහයෙන් එකමුතුව සහයෝගිතා පැවැත්වීමේ යුගයේ ප්‍රබල හඬ ප්‍රකාශය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු චීන-අප්‍රිකා සහයෝගිතාව මූලික කරගනිමින් ගෝලීය දකුණු -දකුණු සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානම් කරන බවද ෂී ජින් පිං මහතා පැවසීය.   

එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තියස්ථිර ලෙස අනුගමනය කරන කෙන්යාව තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙස සලකන බව කෙන්යාවේ ජනාධිපති විලියම් රුටෝ මහතා එහිදී ප්‍රකාශ කළේය. සිය රට තුළ යටිතල පහසුකම් මට්ටම ඉහළ නංවා ගැනීමට සහ ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා චීන රජය හා ජනතාව ලබා දුන් අවංක සහය පිළිබඳව ද කෙන්යාව ස්තූතිය පළ කරයි. Mombasa–Nairobi දුම්රිය මාර්ගය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සමඟින් ක්‍රියාත්මක ව්‍යපෘති කෙන්යාවේ සංවර්ධනයට ප්‍රබල අනුබල දුන් බවද කෙන්යා ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *