“ද්විත්ව කඳු සංකල්පය” සහ පාරිසරික භාවිතයන් පිළිබඳ මත විමසුමකින් චීනය ගෝලීය ප්‍රජාව අතර ඇගයීමට

“ද්විත්ව කඳු සංකල්පය” සහ පාරිසරික භාවිතයන් පිළිබඳ මත විමසුමකින් චීනය ගෝලීය ප්‍රජාව අතර ඇගයීමට

චීනයේ “ද්විත්ව කඳු සංකල්පය” සහ පාරිසරික භාවිතයන් සම්බන්ධයෙන් පසුගියදා ගෝලීය මත විමසුමක් සිදු කෙරිණ. ලොව ප්‍රධාන සංවර්ධිත රටවල් සහ ගෝලීය දකුණේ රටවල් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් ලෙස වයස අවුරුදු 18 සහ ඊට වැඩි සාමාන්‍ය පුරවැසියන් එක් විය. මාර්ගගත සාම්පල සංචිතයක් ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයේ දී හඳුනා ගත් ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

“ද්විත්ව කඳු සංකල්පය” පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම

මත විමසුමට එක්ව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 81.6% ක් පවසන්නේ, “ද්විත්ව කඳු” න්‍යාය මෙතෙක් සාම්ප්‍රදායිකව පැවති “පළමුව සංවර්ධනය කරන්න, පසුව පිරිසිදු කරන්න” යන සංවර්ධන ආකෘතිය බිඳ දමන බවය. ඊට ඉහළ අනුමැතියක් දක්වා ඇත්තේ ගෝලීය දකුණේ රටවල් නියෝජනය කරමින් ප්‍රතිචාර දැක්වූවන්ය. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51%ක් එකඟත්වය පළ කර ඇත්තේ ජාතියක පාරිසරික පාලනය එහි සියලු ජනතාව විසින් සවිඥානික ක්‍රියාවක් ලෙස අභ්‍යන්තරීකරණය කළ යුතු බවයි. තවද, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 50.7% ක පිරිසක් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ආයතන සහ නීතියේ ආධිපත්‍යය මත විශ්වාසය තැබීමේ චීනයේ ප්‍රවේශය අනුමත කර තිබේ.

හරිත සංවර්ධන පිළිවෙත තුළ චීනයේ ජයග්‍රහණ

විවිධ ක්ෂේත්‍ර හරහා චීනයේ පාරිසරික උත්සාහයන් ඇගයීමේදී, ප්‍රධාන කරුණු තුනක් ඉහළම ජයග්‍රහණ ලෙස ශ්‍රේණිගත කිරීමට ගෝලීය ප්‍රතිචාර දැක්වූවන් පියවර ගෙන ඇත. එහිදී, 73.8%ක පිරිසක් බලශක්ති සංක්‍රාන්තිය ජයග්‍රහණයක් ලෙසත්, තවත් 73.2%ක් බලශක්ති සංරක්ෂණය සහ විමෝචනය අඩු කිරීම චීනය ලැබූ ඉහළ ජයක් ලෙසත්, 68%ක පිරිසක් වන වගාව ජයග්‍රහණයක් ලෙසත් ඉහළින් ශ්‍රේණිගත කර තිබේ. මීට අමතරව, 60% ඉක්ම වූ පිරිසක් සිය අනුමැතිය ලබා දී ඇත්තේ, ජල සම්පත් ආරක්ෂාව, ජෛව විවිධත්ව සංරක්ෂණය, කාන්තාරකරණය පාලනය, තණ බිම් සංරක්ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා ය. එමෙන්ම තවත් 58.1% ක් චීනයේ තෙත්බිම් ආරක්ෂණ උත්සාහයන් අගය කර ඇත.

ගෝලීය දේශගුණය සහ පාරිසරික තත්ත්ව පාලනය සඳහා චීනයේ දායකත්වය

ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 76.7% ක් චීනය හරිතාගාර වායු විමෝචනය ඵලදායී ලෙස පාලනය කර ඇති බව විශ්වාස කරති. එමෙන්ම මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 79.9% ක් චීනය බලශක්ති සංරක්ෂණය සහ කාබන් විමෝචනය අඩු කිරීම සඳහා අනෙකුත් රටවල් සඳහා වටිනා යොමු කිරීම් සපයන බව තහවුරු කර ඇත. තවත් 75.5%ක ප්‍රතිචාර දැක්වූවන් පවසා ඇත්තේ, චීනයේ නව බලශක්ති නිෂ්පාදන අපනයනය හවුල්කාර රටවල හරිත සංක්‍රාන්තිය ඵලදායී ලෙස වේගවත් කර ඇති බවයි. එමෙන්ම ගෝලීය ප්‍රතිචාර දැක්වූවන් අතර, අවුරුදු 44 ට අඩු වයස් සීමාවේ පසුවූවන්, වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ට වඩා ගෝලීය පාරිසරික පාලනය සඳහා චීනයේ දායකත්වය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් පෙන්නුම් කර තිබීම කැපී පෙනෙන්නකි.

ගෝලීය දේශගුණික තත්ත්වයන් පාලනය තුළ චීනයේ භූමිකාව

ගෝලීය දේශගුණය සහ පාරිසරික පාලනය තුළ චීනයේ භූමිකාව තක්සේරු කිරීමේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ප්‍රධාන වශයෙන් සියයට 49.7ක පිරිසක් චීනය එහි ධාවකයෙකු ලෙසත්, සියයට 43.9ක පිරිසක් චීනය නායකයකු ලෙස මෙන්ම තවත් සියයට 43.5ක පිරිසක් චීනය ප්‍රායෝගිකව සිය භූමිකාව පෙන්නුම් කරන්නෙකු ලෙසත් හඳුනා ගෙන තිබේ. එහිදී ගෝලීය දකුණේ රටවලින් සැලකිය යුතු ලෙස ශක්තිමත් අනුමැතියක් චීනය වෙත හිමිව ඇති බව පෙන්නුම් කෙරේ.

එමෙන්ම ගෝලීය දේශගුණය සහ පාරිසරික පාලනය තුළ චීනයේ නායකත්ව භූමිකාව වෙනුවෙන්, පාකිස්ථානය 73.4%ක අනුමැතිය ලබා දෙමින් ඉහළම ස්ථානයේ පසු වේ. තවද, චීනය මෙහි ගාමක බලවේගයක් ලෙස සලකන, නයිජීරියාව ඊට 74.3%ක පිළිගැනීමක් සමඟ කැපී පෙනෙන ප්‍රතිචාරයක් ලබා දී ඇති අතර, ඝානාව සහ පේරු රාජ්‍යය පිළිවෙලින් 73.3% සහ 67.6%ක් වශයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. මීට අමතරව, ප්‍රායෝගික ලෙස චීනයේ භූමිකාව වෙනුවෙන්, ඝානාව 68.6% අනුමැතියක් ලබා දීමටත් තුර්කිය සහ ඉන්දුනීසියාව පිළිවෙලින් 67.9% සහ 62.3% ක් ලෙස අනුමැතිය දීමටත් පියවර ගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *