දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීම මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව චාම් හා අභිමානවත් ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකිරීමේ අවස්ථාව වෙනුවෙන් ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි කිසිවක් ඇතුළත් නොවීම විශේෂත්වයකි.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරවරු 11.20ට පමණ පැමිණි අතර රථයේ දොර තමන් විසින්ම විවෘත කර ගනිමින් ඉතා සරලව සිනා මුසු මුහුණින් සිදු කරන ලදි. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර අභිනව කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා හා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීම සිදුවිය.

ඉන්පසුව පැලඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙරවරු 11.25ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පැමිණියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සහ වේත්‍රධාරි කුෂාන් ජයරත්න, නියෝජ්‍ය වේත්‍රධාරි අචින්ත කුරේ මහත්වරු සමඟ සභා ගර්භයට පිවිසි අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආචාර කරමින් පැමිණි ජනාධිපතිවරයා මුලසුනේ අසුන් ගත්තේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *