“තායිවාන බෙදුම්වාදීන් ”ගේ ප්‍රකෝපකාරී ක්‍රියා කෙරෙහි ප්‍රති විරෝධී පියවර ගනු ඒකාන්ත බව චීනය පවසයි

“තායිවාන බෙදුම්වාදීන් ”ගේ ප්‍රකෝපකාරී ක්‍රියා කෙරෙහි ප්‍රති විරෝධී පියවර ගනු ඒකාන්ත බව චීනය පවසයි

“තායිවාන බෙදුම්වාදීන් ”ගේ ප්‍රකෝප කිරීම් කෙරෙහි ප්‍රති විරෝධී පියවර ගනු ඒකාන්ත බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(14) පැවති මාධ්‍ය හවුවේදී මේ බව ප්‍රකාශ කළාය. චීන මහජන විමුක්ති හමුදාව “Joint Sword-2024B” යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයාගේ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙසේ ස්ථාවරය පැහැදිලි කළාය.

“තායිවාන බෙදුම්වාදය”, තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සාමයට  බාධාවකි.ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සාමය හා ස්ථාවරත්වය මෙන්ම කලාපයේ සමෘද්ධිය කෙරෙහි අවංක ආකල්පයෙන් සලකන්නේ නම්, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ස්ථිර ලෙස අනුගමනය කළ යුතු ය. එමෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට”අනුබල නොදීමේ සිය ප්‍රතිඥාව සැබවින්ම ක්‍රියාත්මක කළ යුතු ය. එසේම ඇමරිකාව තායිවාන ප්‍රදේශයට අවි අයුධ ලබා දීම නතර කළ යුතු බවත් “තායිවාන බෙදුම්වාදීන්ට”වැරදි සංඥා නිකුත් කරන සියලු ක්‍රියා වහාම නතර කළ යුතු බවත් Mao Ning මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *