තායිවාන ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාව පිළිබඳ චීන මහා ගොඩබි‍මේ ඉහළ අවධානයක්

චීනයේ තායිවාන ප්‍රදේශයේ Hualian කෝරළය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 7.3ක භූමිකම්පාවක් හටගනී. භූමිකම්පා
අපිකේන්ද්‍රය ආශ්‍රිත ව සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, නැගෙනහිර තායිවානයට ඉන් බලපෑම් එල්ල වී ඇත.

මෙම භූමිකම්පාව අද(03) උදෑසන 7:58ට පමණ හටගෙන තිබේ. ඉන් පසු තායිවානය පුරා ලක්ෂ 3කට අධික පවුල්වලට විදුලිය ද විසන්ධි වී ඇත. එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද පවුල් අසූහත් දහස් එකසිය තිස්දෙකකට තවමත් විදුලිය ඇණ හිට ඇති බව තායිවාන විදුලි සංස්ථාව පවසයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ භූමිකම්පාව පිළිබඳව චීන මහා ‍ගොඩබිමේ ඉහළ අවධානය යොමුව ඇති බවයි. ඉන් පීඩාවට ලක්ව සිටින ජනතාවට හෘදයාංගම සංවේගය ද පළ කර ඇත. පශ්චාත් ආපදා තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් ‍යොමු කරමින් අවශ්‍ය සහන කඩිනමින් තායිවාන ප්‍රදේශයට ලබා දීමට මහා ගොඩබිම සූදානම් බව ද ඇය කියා සිටියාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *