තායිවාන ප්‍රදේශයේ සමාගම් අටක් චීන අපනයන පාලන ලැයිස්තුවට

තායිවාන ප්‍රදේශයේ සමාගම් අටක් චීන අපනයන පාලන ලැයිස්තුවට

තායිවාන ප්‍රදේශයේ සමාගම් අටක් ‘යුදමය කටයුතු සහ සිවිල් වැසියන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කෙරෙන භාණ්ඩ අයිතම අපනයන පාලන ලැයිස්තුව’ට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය අද (09) නිවේදනය කළේය. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te බලයට පත් වීමෙන් පසු “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳ ස්ථාවරයට අනුගත වී ඇති බවත්, “විදේශ රටවල් මත යැපීමෙන් ස්වාධීනත්වය ඉටු කිරීමට” සහ “ප්‍රචණ්ඩත්වයෙන් ස්වාධීනත්වය ඉටු කිරීමට” උත්සාහ කර ඇත. ඇතැම් තායිවාන ව්‍යවසායයන් ඊට සහභාගී වී ඇති බව ද ඔහු කියා සිටියි. අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව, චීන වාණිජ අමාත්‍යාංශය විසින් Aerospace Industrial Development සමාගම, CSBC සමාගම ඇතුළු තායිවාන සමාගම් අටක් මෙම අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කළේය. තම කාර්යාලය මෙයට දැඩි ලෙස සහාය දෙන බව චෙන් බින්හුවා මහතා ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *