තායිවාන ගැටළුව තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීනය කියයි

තායිවාන ගැටළුව තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීනය කියයි

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(12) නිත්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වයි.

තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කළාය. ඊනියා ඇමරිකා ජපාන ඒකාබද්ධ ප්‍රකාශය, තායිවාන ප්‍රශ්නය භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීම මූලික කරගෙන ඇත.

එකම චීනය ප්‍රතිපත්තිය සහ චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනට අවනත වෙමින් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි. එමෙන්ම තායිවාන ප්‍රශ්නය සඳහා ඓතිහාසික වගකීම දරන රටක් ලෙස ජපානය ඓතිහාසික පාඩම්වලින් ඉගෙන, සුපරීක්ෂාකාරීව හැසිරවිය යුතු අතර, චීනය සහ ජපානය අතර දේශපාලන ලේඛන හතරේ ආත්මයට අවනත විය යුතුය. තායිවාන ප්‍රදේශය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් ජපානය විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව ද චීන ප්‍රකාශිකාව ප්‍රකාශ කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *