ත්‍රස්ත මර්දන මෙහෙයුම් ඉදිරියට ගෙන යාම සඳහා පාකිස්ථානයට චීනයෙන් අඛණ්ඩ සහාය

ත්‍රස්ත මර්දන මෙහෙයුම් ඉදිරියට ගෙන යාම සඳහා පාකිස්ථානයට චීනයෙන් අඛණ්ඩ සහාය

ත්‍රස්ත මර්දන මෙහෙයුම් ඉදිරියට ගෙන යාම සඳහා චීනය අඛණ්ඩව පාකිස්ථානයට සහාය දක්වනු ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, චීන ජාතිකයන්ට පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාර ගැන වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

ත්‍රස්තවාදය සමස්ත මානව වර්ගයාගේම පොදු සතුරා බව චීනය යළිත් අවධාරණය කරන බව Lin Jian මහතා පැවසීය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ ඛේදවාචක යළි ඇති නොවීමට කටයුතු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීමකි. ත්‍රස්ත මර්දන මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව පාකිස්ථානයට සහාය දක්වන අතර එතෙර සිටින චීන ජාතිකයන්, ව්‍යාපෘති සහ ආයතනවල ආරක්ෂාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇත. චීන-පාකිස්ථාන සබඳතා පළුදු කිරීමට ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව චීනයට සහ පාකිස්ථානයට ඇති බව ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *