තවත් රටවල් තුනකට චීනයෙන් නිදහස් වීසා

තවත් රටවල් තුනකට චීනයෙන් නිදහස් වීසා

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ පෝලන්තය යන රටවල් සඳහා නිදහස් වීසා ප්‍රතිපත්තිය අත්හදා බැලීමට චීනය තීරණය කරයි.

චීනය හා විදේශ රටවල් අතර මානව හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටවල් ප්‍රමාණය වැඩි කිරීමට චීනය අපේක්ෂා කරයි. ඒ අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා පෝලන්තය යන රටවල් තුනෙහි සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට චීනය නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ඇත. එය එළඹෙන ජූලි මස පළමුවනදා සිට 2025 වසරේ දෙසැම්බර් මස 31 දක්වා බලපැවැත්වෙනු ඇත. එමෙන්ම අදාළ රටවල සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට චීනයට පැමිණ වාණිජ කටයුතු, පෞද්ගලික සංචාර, ඥාති මිත්‍රාදීන් බැලීම මෙන්ම චීනය හරහා ගමන් කිරී‍ම යනාදිය සඳහා දින 15ක කාලයක් වීසා රහිතව චීනයේ රැඳී සිටීමේ අවස්ථාව හි‍මි වනු ඇත. එමෙන්ම නිදහස් වීසා ලබා දීමේ පූර්ව කොන්දේසි සපුරා නොමැති අදාළ රටවල් තුනෙහි පුද්ගලයන්ට චීනයට ඇතුළු වීමට පෙර වීසා බලපත්‍ර ලබා ගත යුතු ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *