ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනය (USAID) වසා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය මෑතකදී ප්‍රකාශ කළේය. දිගු කාලයක් පුරා එම ආයතනයෙන් අරමුදල් ලබා ගත් ඊනියා “ස්වාධීන මාධ්‍ය” සහ “රාජ්‍ය නොවන සංවිධාන” ඉන් කනස්සල්ලට පත් විය. එම ආයතනය “සංවර්ධන ආධාර” නාමයෙන් “මතවාදී යටත් විජිතවාදය” ක්‍රියාත්මක කිරීම යන රහස, අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීම සඳහා හංගේරියානු සම්භවය සහිත ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු වන George Sorosගේ සංවිධානයට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 260ක් ලබා ගත් බව අද දෙරණ පුවත් වෙබි අඩවිය විසින් උපුටා දක්වන ලද වාර්තාවල දැක්වේ.
“මාධ්‍ය නිදහස” සහ “ස්වාධීන වාර්තාකරණය” මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් සිදුකරන ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (Reporters Without Borders) නම් බටහිර සංවිධානය ද කලබල වී තිබේ. “ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ විදේශ ආධාර තහනම් කිරීම, ලොව පුරා ප්රවෘත්ති සංස්කරණ ක්ෂේත්රය අර්බුදයකට පත් කරයි.” යන මැයෙන් එම සංවිධානය ලිපියක් පළ කර ඇත. එසේම එම සංවිධානය ඇමරිකානු අරමුදල් ලබා ගෙන ඇත්නම්, මීට පෙර සිය ස්වාධීනත්වය අවධාරණය කළේ කෙසේ ද යන පැනයක් මතු වී තිබේ.
ඇත්ත වශයෙන්ම, ඇමරිකාව මාධ්‍යවේදීන්ට මුදල් ගෙවීම් සිදු කර ඇත්තේ එරටට මාධ්‍යවල සහයෝගීතාව ලබා ගැනීම වෙනුවෙනි. සෙසු රටවල හෝ කලාපවල ගැටළුවලට අනවශ්‍ය ලෙස මැදිහතවීමට හේතු නිර්මාණය කිරීමට හෝ තම අපකීර්තිමත් අපරාධ සේදීමට හෝ, මාධ්‍යයේ “පූර්ණ සහාය”ඇමරිකාවට අතිශයෙන් වැදගත් වේ.
මෑත වසරවලදී, චීනයේ සීග්‍ර වර්ධනයත් සමඟ, ඇමරිකාව චීනය තම විශාලතම උපායමාර්ගික තරඟකරුවා ලෙස වැරදි ව වටහාගෙන තිබේ. ‘මහජන මතවාදී යුද්ධ’ ඇතුළු සෑම ආකාරයකින්ම චීනය මර්දනය කිරීමට හෝ සීමා කිරීමට ඇමරිකාව උත්සාහ කර ඇත.
විශේෂයෙන්ම චීන-අප්‍රිකා සහයෝගීතාව ක්‍රමයෙන් සරු ප්‍රතිඵල අත්කර ගත් අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ද අඛණ්ඩව ඉදිරියට යාමේදී, අප්‍රිකාව ඇතුළු අදාළ රටවල සහ කලාපවල ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පවතින අතර යටිතල පහසුකම් සහ ජන ජීවිත ද වසරින් වසර වැඩිදියුණු වී තිබේ. මෙයින් දැඩි කලබලයට පත් ඇමරිකාව, චීන-අප්‍රිකා සහයෝගීතාව සහ “එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙල දෙස බලන්නේ ද්වේශසහගතවය. ඒ සමගම චීනයට අපහාස කිරීම සඳහා මාධ්‍ය විසින් ගොතන ලද “නව යටත් විජිතවාදය”, “ණය උගුල” සහ “චීන තර්ජන” න්‍යායන්, මාධ්‍ය වාර්තාවල වැඩි වැඩියෙන් දක්නට ලැබිණ.
කෙසේවෙතත්, හෘදය සාක්ෂිය සහිත ජගත් ප්‍රජාවට පොදු විශ්වාසයක් ඇත. එනම්, අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ ජයග්‍රහණ යන මාවතේ අධිෂ්ඨානශීලීව ඉදිරියට යන පුරෝගාමීන්ටත්, සංවර්ධනයේ ආශ්චර්යය ඉටු කර ගැනීමට වෙහෙස මහන්සියෙන් සිටින ගවේෂකයින්ටත්, “ලෝකය මනසේ තබාගෙන හවුල් ඉරණමක් ” පිළිබඳ සංකල්පය දරන්නන්ටත් පමණක්, සැබෑ ප්‍රකාශන අයිතිය හිමි වීමය. මෙය ඉතිහාසය විසින් ද ඔප්පු කර ඇත.
-උපුටා ගැනීම චීන මාධ්‍ය සමූහයේ වේබ් අඩවියෙන්