තත්ත්වය සංකීර්ණ කෙරෙන සියලුම ක්‍රියා වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලයි

තත්ත්වය සංකීර්ණ කෙරෙන සියලුම ක්‍රියා වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලයි

තත්ත්වය සංකීර්ණ කෙරෙන සියලුම ක්‍රියා වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(15) පැවති මාධ්‍ය හමුවේදී, පිලිපීනයේ නෞකා චීනයට අයත් මුහුදු කලාපය තුළ අනතුරුදායක ලෙස ගමන් කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම ස්ථාවරය පැහැදිලි කළාය.

චීනයට අයත් මුහුදු කලාපය තුළ අනතුරුදායක ලෙස ගමන් කළ පිලිපීන නෞකාව එම කලාපයේ නිසි අයුරින් ගමන් කරමින් තිබූ චීන ධීවර නෞකාවක් හා ගැටී ඇත.පිලිපීනයේ එම ක්‍රියාව චීන ස්වාධිපත්‍යය උල්ලංඝණය කිරීමක් වන අතර චීන ධීවර නෞකාවට හා එහි සේවක මණ්ඩලයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ඇය පෙන්වා දුන්නාය. දකුණු චීන මුහුදේ චීනයට හිමි ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම්වලට සැබෑ ලෙස ගරු කර, තත්ත්වය සංකීර්ණ කිරීමේ සියලුම ක්‍රියා නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බවද Mao Ning මහත්මිය පැවසුවාය.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *