පවතින තත්ත්වය පාලනය කරන ලෙස චීනය ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් දෙකින් ඉල්ලන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
අද(07) එහි ප්‍රකාශකයා පැවසුවේ අද අලුයම ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වූ යුදමය මෙහෙයුම් පිළිබඳව කණගාටු වන චීනය එහි වත්මන් තත්ත්වයන් පිළිබඳවත් කණස්සල්ල පළ කරන බවයි. ඕනෑ ම ආකාරයේ ත්‍රස්තවාදයට චීනය විරුද්ධ වෙයි. දෙපාර්ශ්වය සාමය හා ස්ථාවරත්වය මත පදනම්ව එහි තත්ත්වයන් අයහපත් දිශානතිය කරා යාම වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙස චීනය ඉල්ලන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.