ජෝ බයිඩන් රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ දරන බවට රුසියාවෙන් ප්‍රකාශයක්

ජෝ බයිඩන් රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ දරන බවට රුසියාවෙන් ප්‍රකාශයක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ කරමින් සිටින බව රුසියාව පවසයි.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් Dmitry Peskov ඊයේ(24) පැවසුවේ සාමකාමී සාකච්ඡාවට අදාළ කොන්දේසි පලුදු කිරීම සඳහා නුදුරේදී සිය ධුරය බැහැර කරන ජෝ බයිඩන් සහ ඔහුගේ රජය යුක්රේන තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට තැත් කරමින් සිටින බවයි. එරට නව ජනාධිපති ධුරයට පත් ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තරග මධ්‍යයේ රුසියා-යුක්රේන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට තමා සූදානම් බව සඳහන් කර තිබේ. මේ හේතුවෙන් බයිඩන් පාලනය ට්‍රම්ප් රජයට ඊනියා ‘උරුමයක්’ හිමි කර දීමෙන් ට්‍රම්ප්ට එරෙහිව බාධා එල්ල කරමින් සිටින බව ද Dmitry Peskov මහතා පැවසීය.

මේ දක්වා ධවල මන්දිරය ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *