චීන ජෛව පරිසර අමාත්යංශය මෑතකදී ජාතික ජෛව පරිසර අධීක්ෂණ ජාලය ඩිජිටල්කරණය හා ස්වයංක්රීකරණය පරිවර්තනය කිරීමේ සැලැස්ම නිකුත් කර ඇත. තාක්ෂණ හා උපකරණ ඩිජිටල්කරණය හා ස්වයංක්රීකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා නව පරම්පරාවේ ජාතික ජෛව පරිසර අධීක්ෂණ ජාලය ස්ථාපිත කිරීම ප්රවර්ධනය කිරීම එහි අරමුණ යි.
එම සැලැස්මට අනුව 2027 වසරේ ජාතික ජෛව පරිසර අධීක්ෂණ ජාලයේ ප්රමිතිකරණ මට්ටම බෙහෙවින් වැඩිදියුණු කිරීම සාක්ෂාත් කරමින් ප්රධාන කලාපවල නව පරම්පරාවේ අධීක්ෂණ ජාලය භාවිත කිරීම ගවේෂණය කරනු ඇත. එමෙන්ම 2030 වසරේ ජාතික ජෛව පරිසර අධීක්ෂණ ජාලය පද්ධතිමය වශයෙන් නැවත සකස් කරමින් ඩිජිටල්කරණය සහ ස්වයංක්රීකරණ මට්ටම ඉහළ නැංවීමෙන් තාක්ෂණික හා උපකරණ සංවර්ධනය ලොව ප්රමුඛ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.