ජූලි මස චීන භාණ්ඩ සැපයුම් ‍සෞභාග්‍යතා දර්ශකය නිකුත් කෙරේ

ජූලි මස චීන භාණ්ඩ සැපයුම් ‍සෞභාග්‍යතා දර්ශකය නිකුත් කෙරේ

චීන භාණ්ඩ සැපයුම් සහ මිලදී ගැනීමේ සම්මේලනය ජූලි මාසයේ චීන සැපයුම් ‍සෞභාග්‍යතා දර්ශකය අද(05) නිකුත් කළේ ය. ඒ අනුව ජූලි මාසයේ එම දර්ශකය 50.5% ක් වන අතර එය පෙර මාසයට වඩා 0.3% කින් අඩු වී ඇත. ඉන් පෙන්නුම් කරන්නේ භාණ්ඩ සැපයුම් ව්‍යාපාරයේ සමස්ත පරිමාව අඛණ්ඩව පුළුල් වන බවයි.

එමෙන් ම, විද්‍යුත් වාණිජ්‍යය අධිවේගී බෙදාහැරීම් සහ ගුවන් සැපයුම් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, දුම්රිය සහ මාර්ග ප්‍රවාහනය ස්ථාවරත්වය පවත්වා ගෙන ඇති බව ද එම දර්ශකයේ දැක්වෙයි. ජූලි මාසයේදී, විද්‍යුත් වාණිජ්‍ය අධිවේගී බෙදාහැරීමේ ව්‍යාපාරයේ සමස්ත පරිමා දර්ශකය 69.3% ක් වන අතර, එය එම ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි. ගුවන් ප්‍රවාහන ව්‍යාපාරයේ සමස්ත පරිමා දර්ශකය 52.8% ක් වන අතර එය පෙර මාසයට වඩා 0.8% කින් ඉහළ ගොස් ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *