ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යලේඛන පරිපාලනය පවසයි

ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යලේඛන පරිපාලනය පවසයි

ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන පරිපාලනය පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(15) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ අදාළ නිලධාරියෙක් මේ බව පැවසීය. එමෙන්ම පසුගිය ජූලි මාසයේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව ද හෙතෙම එහිදී විස්තර කළේය.

පසුගිය ජූලි මාසයේ චීනයේ කාර්මික වර්ධනය, යන්ත්‍රෝපකරණ හා අධි තාක්ෂණික නිෂ්පාදනය වේගවත් වී ඇත. එහිදී නිකුත් කෙරුණු අදාළ ආර්ථික දත්තවලට අනුව, වාර්ෂික ආදායම චීන යුවාන් කෝටි 2 ඉක්ම වූ කාර්මික ව්‍යවසායන්හි අතිරේක අගය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.7%කින් වර්ධනය විය. එමෙන්ම යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය 6.1%කින් වැඩි වී ඇති අතර අධි තාක්ෂණික නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය 1.2%ක අගයකින් වැඩි විය.

එමෙන්ම සේවා කර්මාන්තයේ ද මනා වර්ධනයක් දක්නට ලැබෙන අතර එම මාසයේ එහි නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.8%කින් වැඩි වී ඇත. පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙවර එම කාලය තුළ රටේ පාරිභෝගික භාණ්ඩ සිල්ලර අලෙවිය 3.7%කින් ද වර්ධනය වී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *