
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රටක ආරක්ෂණ පද්ධතියේ වැදගත්ම මූලධර්මයකි. තම දේශසීමා සහතික කිරීම සඳහා හමුදා බලමුළු ගැන්වීමට සහ යුද ආක්‍රමණ සහ ත්‍රස්තවාදය වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ ප්‍රහාර ඇතුළු භෞතික තර්ජන වැළැක්වීමටත් සාර්ථකව තම භූමිය ආරක්ෂා කිරීමටත් ජාතියකට ඇති හැකියාව ජාතික ආරක්ෂාව ලෙස හැඳින්වේ.
තම නිජ භූමියේ සීමා ආරක්ෂා කිරීම සඳහා ඕනෑම රටකට ඇති ස්වෛරීභාවය පිළිබඳ අයිතියට සියළු රටවල් ගරු කළ යුතු වේ. නමුත් එක්සත් ජනපදය ඔවුන්ගේ භූ දේශපාලන තරඟකරුවන් අභිබවා යාමට, හවුල් අභියෝගවලට මුහුණ දීමට තම යුදමය ශක්තිය භාවිතා කරයි. “ලෝකය වඩාත් දීප්තිමත් හා බලාපොරොත්තු සහගත හෙටක් කරා යන මාවතක ලොව පුරා, ඇමරිකානු නායකත්වයේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා විශාල බව” ඇමරිකාව තම දේශපාලනමය ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කියා සිටී. මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා බෙදා ගන්නා සියලු දෙනා සමඟ සාරධර්ම රකිමින් පාලනය මෙහෙයවන බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රායෝගික ලෝකයේ සිදු වන සැබෑ සිද්ධීන් සමග කෙතරම් පරස්පර විරෝධී ද යන්න ඔබට වැටහෙනු ඇත. ඊනියා ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් චීනයට, පලස්තීනයට, රුසියාවට, සිරියාව ඇතුළු තවත් බොහෝ රටවලට ඇමරිකාවේ ක්‍රියා කලාපය සාධාරණ නොවේ. වර්තමානයේ යුක්රේනය-රුසියාව අතර යුද්ධය, පලස්තීනය-ඊශ්‍රායලය අතර යුද්ධය, සිරියාව සහ ඉරානය අතර ගැටුම මෙන්ම පිලිපීනය හා චීනයේම තායිවාන කලාපය යොදා ගනිමින් චීන මහ ගොඩබිම හා බේද කොට යුද්ධයකට මඟ පාදා ගැනීමට ඇමරිකාව දරන උත්සාහයේ යථාර්ථය දැන් හොඳින්ම පෙනේ. ඇමරිකාව අන් රටවල අභ්‍යන්තර කටයුතු සඳහා හැම විටම අතපෙවීම් සිදු කරන අතර තායිවාන මැතිවරණය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ බව අප දන්නා කාරණයකි. හිටපු එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය රටවල් අතර ජාතික ආරක්ෂාව දැඩිව උල්ලංඝනය කිරීමක් බව පෙනේ.

ආර්ථික කඩා වැටීම් හමුවේ චීන ආර්ථිකයේ නැඟී සිටීමට බිය වී සිටින ඇමරිකාව අන් රටවල ස්වාධිපත්‍යය දැඩි ලෙස අභියෝගයට ලක් කර තිබේ. ඇමරිකානුවන් මිලියන 170 ක් TikTok හි ක්‍රියාකාරී පරිශීලකයින් බව සෙනෙට් හි රිපබ්ලිකන් නායක Mitch McConnell සඳහන් කරමින් පැවසුවේ මහජන චීන සමූහාණ්ඩුවේ TikTok “අධීක්ෂණ සහ ප්රචාරක මෙවලමක් ලෙස සලකන” බවයි. චීනය ඇතුළු විදේශීය විරුද්ධවාදීන්ගෙන් ඇමරිකානුවන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා විධායක නියෝගයක් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීම ද සිදු කළේය.
චීන නවීන තාක්ෂණය භාවිත වාහනවලින් එල්ල විය හැකි ආරක්ෂක තර්ජන පිළිබඳව පරීක්ෂණයක් ද දියත් කර ඇත. ඇමරිකාවේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වෙළෙඳ හා තාක්ෂණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ එමිලි බෙන්සන් Voice of America වෙත පවසා සිටියේ ඇමරිකාවේ භූ පිහිටීම, ජෛවමිතික, ජනතාවගේ සෞඛ්‍ය සහ මූල්‍ය තොරතුරු වැනි දත්ත චීන මෝටර් රථ තාක්ෂණයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි.
එමෙන්ම ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔලිවියා ඩෝල්ටන් එයාර් ෆෝස් වන් හි වාර්තාකරුවන්ට පැවසුවේ “චීනය මේ වන විට දියුණු තාක්ෂණයෙන් යුත් සන්නද්ධ වාහන සමඟින් එක්සත් ජනපදයේ සහ ලොව පුරා වෙළඳපල ව්‍යසනයට ලක් කිරීමට සූදානමින් සිටින” අතර බයිඩ්න් ඒ පිළිබඳව විමසිලිමත් බවකි. “එය ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සලකන ප්‍රශ්නයක්” ලෙස ද ඇය පවසා තිබේ. මේ වාර්තා අනුව පෙනී යන්නේ එක්සත් ජනපදයට චීනයේ නවීන විද්‍යුත් මෝටර් රථ විශාල අභියෝගයක් වී ඇති බව නොවේ ද? ජාතික ආරක්ෂාව මුවාවෙන් චීන මෝටර් රථ වෙළඳපොලට සම්බාධක දමා එය පාලනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවක් බව පෙනී යයි.

සමස්ථ ලෝකයටම පිළගත හැකි ගෝලීය ආරක්ෂණ මුල පිරුම චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින්පිං මහතා 2022 වසරේ පැවති Boao සංසදයේදී යෝජනා කළේය. එම යෝජනාවේ පොදු, විස්තීර්ණ, සහයෝගතාව සහ තිරසාර ආරක්ෂාව; සියලු රටවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ගරු කිරීම; එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණ සහ මූලධර්මවලට අවනත වීම; සියලුම රටවල ආරක්ෂක ගැටළු බැරෑරුම් ලෙස සැලකීම; සාකච්ඡා මාර්ගයෙන් රටවල් අතර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම; සහ සාම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර දෙකෙහිම ආරක්ෂාව පවත්වා ගැනීම යන සය වැදෑරුම් කරුණු අන්තර්ගතය. නමුත් මේ සියළු කාරණා පැහැදිලිව සමස්ථ ලෝකයේ උන්නතිය වෙනුවෙන් චීනය ඉදිරිපත් කර තිබියදීත් ඇමරිකාව ඒ සියල්ල පසෙක ලා සිය ආත්මාර්තකාමී දේශපාලන අරමුණු පසුපස හඹා යමින් සිටී.
චීන මහ ගොඩබිමට අයිති ප්‍රදේශ වන තායිවානය, ඉන්දියානු දේශ සීමා බද ප්‍රදේශ සහ පිලිපීනයේ මුහුදු කලාපයේ මතභේද වෙනුවෙන් ඇමරිකාවට අතපෙවීමට කිසිඳු සාධාරණ අයිතිවාසිකමක් නොමැත. අන් රටවල අභ්‍යන්තර ගැටළු ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට කිසි අයුරකින් අදාළ නොවේ. ජාතික ආරක්ෂාවේ නාමයෙන් තම ආධිපත්‍ය පතුරුවාලීමට ඇමරිකාව දරන උත්සාහය සේම වෙළඳපොල තනි අයිතියට භුක්ති විඳීමට ඇති අවශ්‍යතාව හොඳින්ම පෙනේ. චීන සමාගම්, චීන නවීන තාක්ෂණ, චීන නිෂ්පාදන කෙරේ ඔවුන් දක්වන ආකල්පයෙන් පොදු ඉරණමක් ගොඩනැඟීමට ඇති චීනයේ අභිප්‍රාය පරාජය කිරීමට ඉඩ නොතැබිය යුතුය.
රටවල් අභ්‍යන්තරයට අත පොවමින්, රටවල් අතර භේද ඇති කරමින් ඇමරිකාව ලෝක යුද්ධයක් අව්ළුවාලීමේ විනාශකාරී ක්‍රියාවළියකට ප්‍රවේශ වී ඇත. මේ ක්‍රියාදාමයට සෙසු රටවල් පෙළ ගැසී පරාජය කළ යුතුය. නැතහොත් සමස්ථ මානව වර්ගයාටම සිය ජීවිතවලින් වන්දි ගෙවීමේ දවස මේ බල වියරුව විසින් උදා කරනු ඇත.
නීතිඥ සංඛ ප්රබුද්ධ
