ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය ඉහළ නංවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය ඉහළ නංවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 17 වැනිදා ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව යාවත්කාලීන කළේය. ඒ අනුව 2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 3.3% වන අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පුරෝකථනයට වඩා 0.1% කින් ඉහළ නංවා ඇත.

2025 වසරේ ඇමරිකානු ආර්ථිකය 2.7% කින් සහ යුරෝ කලාපයේ ආර්ථිකය 1% කින් වර්ධනය වනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි. ඒ අතරම, 2025 වසරේ නැගී එන වෙළඳපල ආර්ථිකයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ආර්ථික වර්ධන පුරෝකථනය 4.2% හි පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2025 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය ද 4.6% දක්වා ඉහළ නැංවීය. එය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පුරෝකථනය කළ ප්‍රතිශත අගයට වඩා 0.1% කින්  වැඩි විය.

ඒ සමගම ඇතැම් රටවල ආර්ථික ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය ලෝක ආර්ථික ප්‍රවණතාවයට බලපානු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *