ජපානය අර්ධ සන්නායක ක්ෂේත්‍ර ආශ්‍රිත අපනයන පාලනය කිරීම පිළිබඳව චීනයේ විරෝධය

අර්ධ සන්නායක සහ අනෙකුත් ක්ෂේත්‍ර ආශ්‍රිත භාණ්ඩ සඳහා අපනයන පාලනයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජපාන රජය නිවේදනය කර තිබේ. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (29) පැවසීය.

අර්ධ සන්නායක සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අදාළ භාණ්ඩ සඳහා අපනයන පාලනයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජපාන රජය පසුගිය 26 වැනිදා නිවේදනය කළ අතර එම අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව මහජන අදහස් ද විමසා ඇත.

අර්ධ සන්නායක ක්ෂේත්‍රය යනු වර්තමානයේ වේගයෙන් ගෝලීයකරණය වන කර්මාන්තයක් බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය. ජපානය යෝජනා කර ඇති අදාළ ක්‍රියාමාර්ග චීන සහ ජපන් සමාගම් අතර සාමාන්‍ය වෙළඳ හුවමාරුවට බරපතල ලෙස බලපානු ඇති බවත්, එය තමන්ට ප්‍රතිලාභයක් නොගෙන අන් පාර්ශ්වයන්ට හානි කිරීමක් බවත්, ගෝලීය සැපයුම් දාමයේ ස්ථාවරත්වයට ද බාධා කිරීමක් බවත් හෙතෙම පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *